Wednesday, September 11, 2013

බයිබලයෙන් බිඳක්!!

"පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න."
ශු.බයිබලය
(රෝම 12:18)

my art in america!! nt a joke!!


මගේ චිත්‍ර!! වයස අවුරුදු 17 දී!




ඔයත් වාසනාවන්තයෙක්!!


තාවකාලික පරාජයේත් අසාර්ථකත්වයේත් වෙනස ඔබ දැනගෙන සිටිත් නම් ඔබ වාසනාවන්තයෙකි. ඔබ අත්දකින හැම පරාජයකම ජයග්‍රහණයේ බීජය සැඟවී පවතින බව ඉගෙනගෙන සිටිත් නම් ඔබ එයටත් වඩා වාසනාවන්තයෙකි.

සිතන්න! කියන්න!





සාර්ථකත්වයේ නොහොත් පරාජයේ බීජ වෙනත් යම් කිසිවෙකුගේ සිතෙහි රෝපණය කරන්නට ඔබගේ වචන වලට පුළුවන් හෙයින් කතා කරන්නට පළමුවෙන් හොඳින් සිතා බලන්න.

මට හිතුන දේ!!


Monday, June 17, 2013

ජීවිතයෙන් ඇඹිත්තක්.....

ජීවිතය කියන්නනෙ මොකක්ද කියල හරියටම කියන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඉඳියි කියල මම නම් හිතන්නෑ.මොකද ඒක ඒ තරමටම සංකීර්ණ දෙයක්. නමුත් විවිධ විද්වතුන් ඒ පිළිබඳව විවිධාකාර වූ නිර්වචනයන් ඉදිරිපත් කරල තියෙනවා. ඒ අය තමන්ගේ නිර්වචන වලින් ජීවිතය කියන්නෙ මොකක්ද කියල කියල කියන්න උත්සහ කරත් ඒක හරියටම හරියි කියල කියන්න අපට බැහැ. මොකද ජීවිතය කියන දෙයට හරි නිර්වචනයක් ඉදිරිපත් කරන්න බැහැ. තමන් ජීවිතය දෙස බලන ආකාරය අනුව තමයි තමන්ගෙ නිර්වචනය තීරණය වෙන්නෙ. ඒ නිසා, මම හිතන විදිහට අපි කරන්න ඕන ජීවිතයට නිර්වචනයක් ඉදිරිපත් කරන්න උත්සහ කරන එක නෙවෙයි, ජීවිතය ගැන ඉගෙන ගන්න එකයි. “ජීවිතය කියන්නෙ කියවල ඉවර කරන්න බැරි පොතක්“ කව්ද කෙනෙක් එහෙම කියල තියෙනවා කියල මම අහල තියෙනවා. ඒ නිර්වචනයනම් මගෙ හිතට වැදුනා. මොකද අපි අපෙ ජීවිතය නැමැති පොත හැම දවසකම කියවනවා. දවස ඉවර වෙද්දි එයින් පරිච්ඡේදයක් ඉවරයි. මේ විදිහට අපි හැම දවසකම අපේ ජීවිතය ගැන ඉගෙන ගන්නවා. විවිධ පරිච්ඡේදයන් පසු කරනවා. දුකට ,සතුටට විවිධ අතදැකීම් වලට අපි මුහුණ දෙනවා. ඒ අපි ජීවිතය ගැන ඉගෙන ගන්න දේවල්. මේ ඉගෙන ගැනීම ඉවර ‍වෙන්නෙ අපේ මරණයෙන්. ඉතින් මේකට තමයි කියන්නෙ ජීවත් වෙනවා කියල………………………..෴